Furniture Hut පසුබිම් කතාව

Zero Plastic සමූහය මගින් ප්ලාස්ටික් වලින් තොර දේශයක් ගොඩනැගීම සදහා, ප්ලාස්ටික් ද්‍රව්‍ය වෙනුවට භාවිතා කල හැකි ආදේශක සොයමින් යන ගමනේ සමාජ මාධ්‍යය ඔස්සේ සොයාගත් Furniture Hut නමැති ව්‍යාපාරය පිළිබද ව මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කෙරේ.
කොළඔ, මොරටුව ප්‍රදේශයේ ජීවත් වන පුබුදු ඉමේශ් දර්ශන ප්‍රනාන්දු නම් තරුණ මහත්මයෙකු විසින් තම ඉගෙනීම් කටයුතු වල නිරත වෙන අතරවාරයේ ම මෙම ව්‍යාපාරය පවත්වා ගෙන යනු ලබයි. ඔහුගේ පියා වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු වන අතර තම නිවසේ ම එම කටයුතු කරගෙන යනු ලබයි. එහි දී ඉවතලන ලී කැබලි උපයෝගී කරගනිමින් පුබුදු මහතා මෙම නිර්මාණ සකසනු ලබයි. එහි දී විශේෂයෙන් ම ඔහු තේක්ක ලී උපයෝගී කරගන්නා අතර එසේ සාදාගන්නා නිර්මාණ දැව ආලේපන ආදිය ද ගල්වා ඒවායේ ගුණාත්මක බව මෙන්ම කල්පැවැත්ම ද තහවුරු කරයි. මෙම සැකසුරුවම් දැව රදවන මගින් ඔබගේ වැඩ මේසය අලංකාරවත් ව මෙන්ම පිළිවෙලට පවත්වා ගෙන යාමට උපකාරී වන අතර මේසය මත කුඩා ඉඩ ප්‍රමාණයක් තුල එදිනෙදා භාවිතා වන විවිධ වූ ද්‍රව්‍ය උදාහරනයක් ලෙස ඔබගේ ජංගම දුරකතනය, සටහන් පොත්, අත් ඔරලෝසුව, කාසි, පැන්සල් පෑන් ආදී ද්‍රව්‍ය රැසක් අසුරා තැබීමට උපයෝගී කරගත හැක. එපමණක් නොව ඔබගේ ජංගම දුරකතනය ආරෝපණය වන අවස්ථා වේදී (චාර්ජ්) එය රදවා තැබීමට ද මෙය උපකාරී කරගත හැක.
ඔහු තම ව්‍යාපාරය මීට මාස 4කට පමණ පෙර අරඹා ඇති අතර මේ වනවිට e-bay ඔස්සේ ඇමරිකාවට මෙම නිශ්පාදනයක් අලවි කර ඇත. එපමණක් නොව දේශීය වශයෙන් පාරිභෝගිකයන් කිහිප දෙනෙකුටම තම නිශ්පාදන අලවි කර ඇත. තමාගේ නිවසේ සිට නිපදවන නිසා නිවස ආසන්නයේ සිටින පාරිභෝගිකයන්ගේ භාන්ඩ ඔහු විසින් ම ඔවුන්ගේ නිවසටම ගෙනගොස් බාරදෙයි. මේ වනවිට ඔහු පාරිභෝගිකයන් සමග බැංකු මාර්ගයෙන් ගනුදෙනු කිරීම සිදුකරයි. ඔහු මෙම නිර්මාණ පාරිභෝගික ඉල්ලීම් මත පමණක් දැනට නිපදවීම සිදු කරනු ලබන අතර ඉදිරියේ දී තවදුරටත් දියුණු කරමින් විවිධ වූ නිශ්පාදන සිදු කිරීමට අදහස් කරගෙන සිටී.
Zero Plastic වැනි විශ්වාසවන්ත සමූහයක් ඔස්සේ තම නිශ්පාදන අලවි කිරීමට ලැබීම මගින් පරිසර හිතකාමී මෙම භාන්ඩ මිලදී ගැනීමට බලා සිටිනා පාරිභෝගිකයන් තුල තම නිශ්පාදන සම්බන්ධයෙන් විශ්වාසයක් ගොඩනැගෙනු ඇතැයි ඔහු බලාපොරොත්තු වේ.

 

 

Shopping Cart