දේශීයත්වය අගය කරමින් නොසැලී ඉදිරියට යන නූතන ස්වාමි දරුවෝ…..

දේශීයත්වය අගය කරමින් නොසැලී ඉදිරියට යන නූතන ස්වාමි දරුවෝ…..

“මන් දේශීය නිෂ්පාදන අගය කරන කෙනෙක් ..ඒ අදහසින් තමයි මන් අපේ ව්‍යාපාරය ආරම්භ කළේ…..”

ඒ තම ව්‍යාපාරය පිළිබඳ තෘප්තිමත් දිරිය කාන්තාවකගේ තවත් එක් ඇරඹුමකි.දේශයට සුබ සිහිනයකි.

ප්ලාස්ටික්වලින් තොර දේශයක් වෙනුවෙන් මෙවර අපගේ කතා නායකයා නමින් සුජීව මහත්මයා හා ඔහුගේ බිරිඳ ප්‍රියන්ති මහත්මියයි.

සුජීව මහතාගේ හා මහත්මියගේ කාලාන්තරයක් තිබූ අදහසක් මල්ඵල ගන්වමින් දේශීය දැවකම් මුසු වූ ගෘහ උපකරණ වෙළඳපොලට යොමු විය.සැබවින් ම එය දේශීය නිෂ්පාදනයන්ට හිතැති පාරිභෝගික අවශ්‍යතාවයන් හඳුනා ගත්තක් විය.

දැනට අවුරුදු එකහමාරකට වැඩිකාලයක සිට පවත්වා ගෙන ආ මෙම නිෂ්පාදන වෙළඳපොළ දන්නා භාණ්ඩයන් වූයේ ඒ ආකාරයෙනි.තම ගෘහ අවශ්‍යතාවන් සඳහා ශරීරයට අහිතකර ප්ලාස්ටික් භාවිතයෙන් මිදුණු බුද්ධිමත් පාරිභෝගිකයෝ දේශීය නිෂ්පාදනයන් කෙරෙහි ඇස යොමු වූ සමයක සුජීව මහතාගේ එළවළු කපන ලෑලි,වළන් තබන දැව නිෂ්පාදන ,කූඩ,හැදි වටා එක්රොක් වූහ.

එහෙත් පවතින කොරෝනා වසංගතය හමුවේ තම නිෂ්පාදන වෙළඳපොළට යොමු කිරීමට නොහැකි වුවද,අද වෙද්දි නැවතත් තම නිෂ්පාදන පෙර පරිදි ම ලබා ගත හැකි බව ප්‍රියන්ති මහත්මිය පැවසුවේ සතුටිනි.
ඔබත් පරිසරයට,දේශිය නිෂ්පාදනයන්ට රුචියක් දක්වන්නේ නම් ඔවුන්ගේ වෙහෙස මහන්සියට අගයක් දීමට ඔබටත් හැකිය.ඔබගේ ඒ අගය කිරීම මුළු මහත් සමාජය ම යහපත් කිරීමට අතහිත දීමකි.

ඉතින් , ඔවුන්ගේ ව්‍යාපාරය තව තවත් දියුණු වේවා යන්න පතමින් මම මෙම සටහන නිමාකරමි.

ඔවුන්ගේ නිශ්පාදන මිලදී ගැනීම සඳහා පහත සබැඳිය භාවිතා කරන්න.
https://www.products.zeroplastic.lk/store/faith-wood-craft/

ජයනි අයිලප්පෙරුම
ශාස්ත්‍ර පීඨය
පේරාදෙනිය විශ්ව විද්‍යාලය