අතරමග නැවතුන රැකියාව නිසා ඉස්මතු වූ ඔහුගේ හැකියාව

කොවිඩ් තත්වය හේතුවෙන් අද ලංකාව පමනක් නොව මුලු ලෝකයම දැඩි පීඩාකාරී තත්වයකට මුහුන දෙන අවස්තාවක එම කඩා වැටීම් බිද වැටීම් ශක්තියක් කරගෙන තම රැකියාවද නතර වූවත් හිතට ශක්තිය ගෙන තම දක්ශතා වලින් උපරිම ඵල නෙලා ගන්නා කලානිර්මාණ ශිල්පියෙකු ගැනයි ඔබ අද දැනුවත් වන්නේ.

පුද්ගලයකු තමන් කැමති රැකියාවක නිරත උවත් ඔවුන් තුල යම් යම් ක්ශේත්‍ර වලට තිබෙන හැකියා කිසි දිනෙක අඩු වන්නේ නැත. බාතිය රත්වත්ත මහතාටද තමන් කරගෙන ආ රැකියාව කොවිඩ් තත්වය හේතුවෙන් අතරමග නතර කරන්නට සිදු උන නමුත් ඉන් නොනැවතුනු ඔහු Ideal mind ලෙස තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙලඹුනි. ඔහු තුල පාසල් කාලයේ දී ලී කැටයම් ආදිය පිලිබද තිබූ දක්ශතා ,හැකියා යොදා ගනිමින් ඉවතලන ලී කැබලි සොයා නව නිමැවුම් තනන්නට ඔහු ආරම්භ කලේය. පරිසර හානියක් නොකර ඉවතලන කුඹුක්, තේක්ක , ගංසූරිය වැනි ශාක කදන් උපයෝගී කරගෙන සකසන මෙම නිර්මාන ඉතා කෙටි කලක් ඇතුලත මිනිසුන් අතර ඉතා ජනප්‍රිය විය.සමාජ මාධ්‍ය හරහා ඔවුන් තම නිශ්පාදන පිලිබද ජනතාව දැනුවත් කරන්නට අමතක නොකල අතර ඔවුන්ට ලැබෙන ඇනවුම්ද දිනෙන් දින ඉහල යන්නට පටන් ගෙන ඇත.මෙනිසා තවත් සේවකයෙක් තම ව්‍යාපාරයට එකතු කර ගැනීමට ඔහුට හැකියාවක් ලැබුනි. මෙපමන දුරක් සාර්ථක ලෙස තම වියාපාරය සාර්ථක කර ගැනීමට බිරිඳ ගෙන් ලැබුන උදව් උපකාර ශක්තියක් උන බව පවසන්නට ඔහු අමතක නොකලේය.

දිනෙන් දින ජීවිතයට පැමිණෙන බාධක වලට අභියෝග කරමින් දැව ආශිත නිශ්පාදන ඉතා ගුණත්වයෙන් උසස් නිමාවකින් පාරිභෝගිකයන් අතට පත් කරන ඔහුගේ වියාපාරය දිනෙන් දින සාර්ථකත්වයට ලගා වී ඇත.ඉවතලන දැව උපයෝගී කරගෙන නව නිමැවුම් තනන මේ අපූරු ව්‍යවසායකයාට ලෝකයක් ජය ගන්නට අවශ්‍ය ශක්තිය වාසනාව ලැබෙන්නට යැයි මා ප්‍රාර්ථනා කරමි.

සඳුනි සත්සරණි
කළමනාකරණ අධ්‍යන පීඨය
සබරගමුව විශ්ව විද්‍යාලය

Shopping Cart

🔔 Please Note:This website is currently a product showcase only. Purchasing is temporarily disabled as we work on launching our full e-commerce store.
අපි තාවකාලිකව නිෂ්පාදන විකිණීම නවතා ඇති අතර, අපගේ වෙළඳසැල මෙම අවුරුද්දේ අගභාගයේදී නැවත විවෘත කිරීමට නියමිතය.

X